මුණින් අතට සංකේතවත් කරලා



පකිස්ථානු ජාතික ධජයමුණින් අතටකලීෆා ගොඩනැගිල්ලේ සංකේතවත් වීතිබු බව වාර්තා වේ.

පකිස්ථානු ජාතික නිදහස් දිනය නිමිත්තෙන් පකිස්ථානු ජාතික ධජය කලීෆා ගොඩනැගිල්ලේ සංකේතවත් කිරීමට අගෝස්තු 14 දිනකටයුතු කර තිබු අතර අත්වැරදීමකින් මුණින් අතට සංකේතවක් වී ඇත. 

පාකිස්ථානු ජාතික ධජය මුණින් අතට සංකේතවත් වීම හේතුවෙන් එමිරේටයේ පකිස්ථානු ජාතිකයන් නොසතුටින් සිටින බව වාර්තා වේ.

ඩුබායි පාකිස්ථාන සංගමය සිදු වු අත්වැරද්ද සම්බන්ධයෙන් කරුණු දක්වමින් බර්ජ් කලීෆා වෙත ලිපියක් යවා ඇති අතර යවන ලද ලිපියට බර්ජ් කලීෆා පාලනාධිකාරිය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත. 

ලෝකයේ සිදුවන විශේෂ සිදුවීම් කලීෆා ගොඩනැගිල්ලේ සංකේතවත් කිරීමට පාලනාධිකාරිය කටයුතු කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS