මිලියන 3ක් සොරකම් කරලා



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ජීවත්වන සෞදි ජාතිකයෙක්ගෙන් මිලියන තුනක මුදලක් සොරකම් කරගෙන ඇති බව වාර්තා වේ.

විදේශිකයන් පස්දෙනෙක් සොරකමට සම්බන්ධ බවත්, මුහුණට මිරිස්කුඩු ගසා සෞදි රියාල් මිලියන තුනක මුදල සෞදි ජාතිකයාගෙන් සොරකම් කරගෙන ඇති බව ඩුබායි පොලීසිය ප්‍රකාශ කළේ ය.

මුදල් සොරකමට සම්බන්ධ විදේශිකයන් තිදෙනෙක් ඩුබායි අපරාධ අධිකරණයේ නඩු විභාගයකට පෙනී සිටි බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS