මියගිය වැඩිදෙනා ඉන්දියානුවෝ



සෞදියේ මදීනා නුවර සිදුවුණු රිය අනතුරින් මියගිය පිරිස අතර ඉන්දීය ජාතිකයන් ද සිටින බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

කෙසේ නමුත් එම ඉන්දියානුවන්ගේ විස්තර මේ වනවිට ප්‍රසිද්ධියට පත් කර නොමැත.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද මදීනා නුවර සිදුවුණු අනතුර සම්බන්ධයෙන් සොව පළ කර ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම අනතුර සම්බන්ධයෙන් සෞදි රජයට සිය කනස්සල්ල ද පළ කර ඇතැයි ද වාර්තා වේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS