මැදපෙරදිගට සෙබළුන් 1,000 ක්



මැදපෙරදිග කලාපයට අමතර ඇමෙරිකන් සොල්දාදුවන් 1,000 ක බලඇණියක් යැවීමට ඇමෙරිකාව තීරණය කර ඇත.

ඇමෙරිකා ආරක්ෂක ලේකම් පැටි්‍රක් ෂැනොන් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ ඉරානයෙන් එල්ල වන තර්ජන සැලකිල්ලට ගනිමින් ඇමෙරිකාව මෙම තීරණය ගත් බවය.

ඇමෙරිකාවත් ඉරානයත් අතර මේ වනවිට අර්බුදකාරී තත්ත්වයක් පවතී. එය යුද්ධයක් තෙක් දුරදිග යනු ඇති බවට බියක් ද නිර්මාණය වී ඇත. කෙසේ නමුත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මෙන්ම ඉරාන ජනාධිපති හසන් රොව්හානි ද තරයේ පවසා ඇත්තේ කිසිම අවස්ථාවක යුද්ධයකට නොයන බවය.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS