මැතිවරණ රැළියකට රොකට් ප්‍රහාරයක්



බහුතර බලයක් නොමැතිව ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වීමෙන් පසු යළි මහ මැතිවරණයකට සූදානම් වන ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහුගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ ‘ලිකුද්’ පක්ෂයේ දේශපාලන රැළියක් ඊශ්‍රායලයේ ඇෂ්ඩොඞ් නුවර පැවැත්වෙද්දී, ගාසා තීරය දෙසින් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල විය.

අගමැති ආරක්ෂක අංශ සාමාජිකයන් වහා ක්‍රියාත්මක වී දේශපාලන වේදිකාවේ සිට අගමැති නෙදන්යාහු වහා ආරක්ෂිත ස්ථානයකට යොමු කිරීමට පියවර ගැණින. ගාසා තීරය දෙසින් එල්ල වුණු රොකට් ප්‍රහාරවලින් කිසිවකුටවත් අනතුරක් සිදු නොවිණි.

එම රොකට් ප්‍රහාරවලට විරෝධය දක්වමින්, ඊශ්‍රායල ගුවන් හමුදාව කඩිනමින් මෙහෙයුමක් ආරම්භ කළ බවත්, ගාසා තීරයේ තෝරාගත් ඉලක්ක 15 කට බෝම්බ හෙලීමට ගුවන් හමුදාව පියවර ගත් බවත් වාර්තා වේ. රොකට් ප්‍රහාර එල්ල කළේ හමාස් සටන්කාමීන් යැයි ඊශ්‍රායල හමුදාව පවසයි.

ගාසා තීරයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS