මාස 6කින් බදු අය කරයි



ඕමානය එකතු කළ අගය මත බදු (VAT) මාස 6කින් අය කිරීමට කටයුතු කරන බව වාර්තා වේ.

භාණ්ඩ සහ සේවා සඳහා 5%ක බද්දක් අය කරන ලෙස ඕමාන් පාලකයා නියෝගයක් නිකුත් කර ඇති බව රාජ්‍ය රූපවාහිනිය වාර්තා කරනවා.

ඕමානයේ මුල්‍ය ස්ථාවරත්වය ඇති කිරිමේ අරමුණින් වැට් බදු අයකිරීමට කටයුතු කරයි.   

සෞඛ්‍ය සේවා, මුලික ආහාර ද්‍රව්‍ය, අධ්‍යාපන, මූල්‍ය සේවා, නිවාස කුලී, බොරතෙල් සැපයීම, ඛනිජ තෙල් නිෂ්පාදන සහ ස්වාභාවික වායු වැට් බදුවලින් නිදහස් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS