මාර්ග නීති කඩකළ රියැදුරු බහරේනයෙන් පිටුවහල්



එකොළොස් වතාවක් මාර්ග සංඥා නොතකමින් අපරික්ෂාකාරී ලෙස රිය පැදවූ විදේශීය ජාතික ලොරි රථ රියදුරෙකුට එරෙහිව මාස දෙකක සිර දඩුවමක් හා එම දඩුවමෙන් පසුව ඔහු වහා එරටින් පිටුවහල් කිරීමට බහරේන අධිකරණය තීන්දු කර තිබේ.

මෙම විදේශී ජාතික රියදුරා විසින් අවස්ථා 11 දී රතු පැහැති මාර්ග සංඥාව නොතකමින් වාහනය ධාවනය කළ බවට වරදකරු කළ බහරේන අධිකරණය මොහුට බහරේන ඩිනාර් 500 ක දඩයක් ගෙවන ලෙසටද නියම කරනු ලැබ ඇත.

ඉකුත් ජනවාරි 22 වැනිදා සිට  මේ දක්වා කාලය තුළ ඔහු එරට ෆයිසාල් අධිවේගි මාර්ගය තුළ ලොරි රථයක් ධාවනය කර ඇති අතර එහිදී මෙලෙස මාර්ග සංඥා නොතකමින් රිය ධාවනය සිදු කර ඇති බවට එම අධිවේගී මාර්ග සවිකර ඇති ආරක්ෂිත කැමරා (සීසීටීවී) වලින් තහවුරු වීමත් සමඟ මෙම දඩුවම පනවා ඇත.

තිළිණි ද සිල්වා
ගල්ෆ් නිවුස් ඇසුරිනි


RECOMMEND POSTS