මාර්ග තදබදය ගැන දැනගන්න



ඩුබායි පොලීසිය මාර්ග තදබදය පිළිබඳ තොරතුරු දැනගැනීමට නව මෘදුකාංගයක් හඳුන්වා දී ඇති බව වාර්තා වේ.

අදාල මෘදුකාංගය හරහා කාර්ය බහුල අවස්ථාවන්වලදී මාර්ග තදබදය පවතින ස්ථාන සහ පහසුවෙන් ගමන් කළ හැකි විකල්ප මාර්ග පිළිබඳව තොරතුරු ලබාගැනීමට පහසුකම් සලසා දී ඇත. 

රිය අනතුරු සිදු වී ඇති ස්ථාන පිළිබඳවඅනතුරු සංඥා නිකුත් කරමින් රියදුරන්වක්ෂණිකව දැණුවත් කිරීමේ හැකියාව මෘදුකාංගය සතුව පවතියි. 

පොලිස් ස්ථාන, ඔසුසල් සහ රෝහල් පිළිබඳවද තොරතුරු ලබාගැනීමට පරිශීලකයන්ට අවස්ථාව ලබා දී ඇත.

නව සේවාව ඇන්ඩ්‍රොයිඩ් හෝ iOS පද්ධතිවලින් සමන්විත ස්මාර්ට් ජංගම දුරකථනකට ස්ථාපිත කරගත හැකි බව කෘතිම බුද්ධි පිළිබඳ අධ්‍යක්ෂ, බ්‍රිගේඩියර් කාලිඩ් නසාර් අල්-රසෝගුයි පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS