මාරක රිය අනතුරකින් 8 මරුට



ඩුබායි නුවර මාර්ගයක සිදු වු මාරක රිය අනතුරකින් පුද්ගලයන් අට දෙනෙක් ජිවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

ෂයික් මොහොමඩ් බින් සෙයිඩ් මාර්ගයේ සාජා නුවර දෙසට ගමන් ගත් කුඩා ප්‍රමාණයේ බස්රථයක් ට්‍රක්රථයක ගැටීමෙන් උදෑසන 4.54 ට පමණ මාරක රිය අනතුර සිදු වී ඇත.

අනතුරින් මියගිය පුද්ගලයන් අට දෙනාම ආසියාතිකයන් වන අතර පුද්ගලයන් හය දෙනෙක් තුවාල ලබා ඇත.

රියදුරු ඇතුළුව පුද්ගලයන් හත්දෙනෙක් අනතුර සිදු වු ස්ථානයේදීම ජිවිතක්ෂයට පත් වී ඇති අතර බරපතල තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙක් ප්‍රතිකාර සඳහා රෂීඩ් රෝහලට ඇතුළත් කර තිබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS