මානසික ආතතිය දුරුවෙන්න වැඩසටහන්



එමිරේට්ස් වැසියන්ට මානසික බලපෑම් මඟහරවා ගැනීම සඳහා ජාතික ව්‍යාපාරයක් අන්තර්ජාලය හරහා දියත් කර ඇති බව වාර්තා වේ.

කොරෝනා රෝගී තත්ත්වයන් හේතුවෙන් ඇතිවන මානසික බලපෑම්වලින් මිදීමට සියලුම වැසියන්ට සහයෝගය දැක්වීම සඳහා “එමිරේට්ස් සතුට හා යහපැවැත්ම සඳහා වූ ජාතික වැඩසටහන’’ අන්තර්ජාලය හරහා මෙම ජාතික ව්‍යාපාරයක් දියත් කරයි.

මනෝවිද්‍යාව, මානසික හා සමාජ සහයෝගය සහ ජීවන කුසලතා යන ක්ෂේත්‍රවල ප්‍රවීණයන් 50 කට වැඩි පිරිසක් මෙම වැඩසටහනට සහයෝගය ලබාදෙන බව එමිරේට්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

මෙම වැඩසටහන සඳහා නවීන තාක්ෂණය සහ සමාජ ජාල මාධ්‍ය භාවිතා කරමින් ආරම්භ කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

 


RECOMMEND POSTS