මහ ලේකම්ගෙන් ඊශ්‍රායල අගමැතිට අනතුරු



ජෝර්දාන් නිම්නය සහ මළ මුහුදට උතුරු දෙසින් පිහිටි පළාත් අල්ලා ගෙන එම පළාත් ඊශ්‍රායලයට එක් කර ගන්නවා යැයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු කළ ප්‍රකාශය එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස්ගේ විරෝධයට හේතුවී ඇත.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ගුටරේට්ස් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ ඊශ්‍රායල අගමැතිවරයා කළ එම ප්‍රකාශය කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, එය ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක් බවත්ය.

ඊශ්‍රායල මහ මැතිවරණය ලබන සතියේ පැවැත්වීමට නියමිතය.

තමා යළි අගමැති ධුරයට පත් වුවහොත්, ඊශ්‍රායලයේ ස්වෛරීත්වය තහවුරු කරමින් ජෝර්දාන් නිම්නය සහ මළ මුහුදට උතුරු දෙසින් පිහිටි පළාත් අල්ලා ගෙන ඒවා ඊශ්‍රායලයට එක් කර ගන්නවා යැයි අගමැති නෙදන්හාහු කියා සිටියේ මැතිවරණ රැළියකදීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS