මහ බැංකුව අනතුරු අඟවයි



කුවේටය තුල සිදුවන මූල්‍ය වංචා වලක්වා ගැනීම සඳහා පෞද්ගලික තොරතුරු ලබාදීමෙන් වලකින ලෙස කුවේට් මහබැංකුව අනතුරු අඟවා ඇත.

විධිමත් හෝ අවිධිමත් විද්‍යුත් තැපෑල (ඊ-මේල්) මඟීන් හෝ දුරකථන ඇමතුම් මඟීන් බැංකු ගිණුම් අංක,මුරපද, ක්‍රෙඩිට් කාඩ් තොරතුරු සහ මූල්‍ය තොරතුරු විවිධ පුද්ගලයන් ඉල්ලා සිටින අවස්ථාවන්වලදී අදාල තොරතුරු ලබාදීමෙන් වලකින ලෙස මහබැංකුව ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

ගණුදෙනු සිදුවන අවස්ථාවන්වලදී,කෙටි පණිවුඩ මඟීන් ගනුදෙනුකරුවන්ට නොමිලේ දැණුම්දිමට කටයුතු කරන ලෙසත්, විද්‍යුත් තැපෑලෙන් හෝ වෙනත් ආකාරයේ ස්මාර්ට්ෆෝන් යෙදුම් හරහා සිදුවන ගණුදෙනුව පිළිබඳව දැනුම් දෙන ලෙස කුවේට් මූල්‍ය නියාමන අධිකාරිය බැංකුවලට උපදෙස් දී ඇත.

නවීන තාක්ෂණය භාවිතා කර ගණුදෙනුකරුවන්ගේ ගිණුම්වලට වඩා හොඳ ආරක්ෂාවක් සැපයීම කුවේට් මහබැංකුවේ ප්‍රධාන අරමුණ වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS