මහා බැංකුව යළි අනතුරු අඟවයි



ජංගම දුරකථනවලට ලැබෙන දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩවලට ප්‍රතිචාර දැක්වීමෙන් වළකින ලෙස එමිරේට්ස් මහබැංකුව ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

මහා බැංකුවට නිරන්තරයෙන් පැමිණිලි ලැබෙන නිසා යළි මහජනතාව දැණුවත් කිරීමට කටයුතු කළ බව මහා බැංකුවප්‍රකාශ කළේ ය. 

නිර්නාමික දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩවලට පෞද්ගලික තොරතුරු ලබාදීමෙන් තොරතුරු ලබාගන්නා පුද්ගලයාට තොරතුරු ලබාදෙන පුද්ගලයාගේ සියළුම තොරතුරු දැනගැනීමේ හැකියාව පවතින බව මහා බැංකුව පෙන්වා දෙයි.

කිසියම් දුරකථන ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් ලැබුණු පසු අදාල ආයතනය දැණුවත් කර නිවැරදිභාවය තහවුරු කරගැනීමට කටයුතු කරන ලෙසද ඉල්ලීමක් කර ඇත.

බැංකු කාඩ්පත් සහ ගිණුම් පිළිබඳව තොරතුරු නිර්නාමික පුද්ගලයන්ට ලබාදීමෙන් වළකින ලෙස මහාබැංකුව අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)


RECOMMEND POSTS