මහලේකම් ව්‍යාපෘතිය නැරඹීමට යයි



ලෝකයේ විශාලතම සූර්ය බල ව්‍යාපෘතිය නැරඹීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්, ඇන්තෝනියෝ ගුටෙරෙස්හෙලිකොප්ටරයකින් ගොස් ඇත.

මහලේකම් නැරඹු ව්‍යාපෘතිය නූර් අබුඩාබි නගරයේ පිහිටා ඇති අතර සූර්ය පැනල මිලියන 3.2ක් විදුලි බලය උත්පාදනය කිරීම සඳහා යොදාගෙන  ඇත.

වසරකට කාබන් ඩයොක්සයිඩ් විමෝචනයවීම මෙට්‍රික් ටොන් මිලියනයකින් අබුඩාබි නගරයේ අඩු කිරීමට සැලසුම් කර ඇති අතර ව්‍යාපෘතිය මඟින්මෙගාවෙට් 1,177ක විදුලි බලයක් දැනට උත්පාදනය කරයි.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ විදුලි බල ඉල්ලුම 2050 වනවිට සපුරාලීම සඳහා සූර්ය බල ව්‍යාපෘතිය ඉදිකර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS