මස් පුළුස්සා කෑම තහනම්



ඕමානයේ පොදු ස්ථානවල මස් පුළුස්සා කෑම (බාබිකියු) තහනම් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මස්කට් නුවර මහනගර සභාව අදාල නියෝගය පනවා ඇති අතර නීතිය උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව ඕමාන් රියාල් 20 සිට 100 දක්වා දඩ මුදලක් නියම කරන බව වාර්තා වේ.

වෙරළ තීරයන්, උද්‍යාන, තණ පිට්ටනි සහ පොදු ස්ථාන ලෙස ප්‍රකාශයට පත් කර ඇති ස්ථාන අදාල නීතියට යටත් වන බව මස්කට් මහ නගර සභාවේ නගරාධිපති, මොහසිං බින් මොහොමඩ් අල්-ෂයික් ප්‍රකාශ කළේ ය.

අදාල නීතිය මාසයක් ඇතුලතදී ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව නගරාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS