මව්බිමට යාමට නොහැකිව හඩා වැලපෙති



කෝවිඩ් 19 වසන්ගතයත් සමගින් සෞදි අරාබියේ අසරණවූ ශ්‍රී ලාංකකයෝ මවු බිමට යාමට නොහැකිව විවිද පිඩාවන්ට සහ දුෂ්කරතාවයන්ට ගොදුරුව අන්ත අසරණව සිටින බව සෞදි අරාබියේ විවිද ප්‍රදේශ වලින් වාර්තාවේ.

දහස් ගණනක් වන මෙම අසරණවූ ලාංකික ප්‍රජාව පවසනුයේ මාස ගණනාවක් තිස්සේ පවතින කොවිඩ් වසන්ගතයත් සමග විශාල පිරිසකගේ රැකියා අහිමිවූ බවත් ඒ අනුව රැකියාවන් කරමින් සිටි ආයතන මගින් නවාතැන් සහ අනිකුත් පහසුකම් කපාහැර ඇති බැවිනුත් ආහාර සහ අනිකුත් වියහියදම් නොමැති කමිනුත් දැඩි ලෙස අසරණවී ඇති බවත් සමහර ආයතන මගින් රටෙන් පිටවීමේ විසා (EXIT VISA) නිකුත් කර ඇති අතර විසා සහ ඉකාමා කල් ඉකුත්වීම හේතුවෙන් රුපියල් ලක්ෂ හයක පමණ මුදලක් ගෙවා නැවත අලුත් කිරීමට සිදුවීම හේතුවෙන් දැඩි පීඩනයකට ලක්වී ඇති බවද පවසයි.

පසුගිය කාලය තුල ගුවන්යානා කිහිපයක් සෞදි අරාබියට පැමිණියද අධික ගුවන් ගමන් ගාස්තු අයකිරීමේ හේතු මත මවුබිමට යාමට නොහැකිවූ බව පවසන බොහෝ පිරිසක් තම දුක් ගැනවිලි සමග පවසනුයේ හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවෙන් ගුවන් යානා එවා  දහසකට අධිකවූ වූ මෙම පිරිස් ඉතා ඉක්මනින්  ගෙන්වා ගන්නා ලෙසයි.මේ වනවිට රැකියා සහ අනෙකුත් පහසුකම් අහිමිවීම හේතුවෙන් බොහෝ පිරිසකට ආහාරපාන පවා නොමැතිව අන්ත අසරණව කල් ගෙවන බව පවසන අතර ඉක්මනින් මවුබිමට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද පවසයි.

විශේෂයෙන්ම මේ වන විටත් සෞදි අරාබියානු ගුවන් සේවා ශ්‍රී ලංකාවට හැර දකුණු ආසියාවේ සියළුව රටවලට ගමන්වාර ආරම්භ කර ඇත්තේ එම රටවල පුරවැසියන් සදහා ගුවන් පහසුකම් ආරම්භ කරමින් වන අතර ඉන්දියාව,බංගලිදේශය,නේපාලය,පාකිස්තානය,පිලිපීනය යන රටවල් තනන්ගේ පුරවැසියන් තම රටවල් වෙත ගෙන්වා ගැනීම සදහා තම ගුවන් යානා ඒවා ප්‍රවාහනය කොට නිමකර ඇති මුත් ශ්‍රී ලාංකික ප්‍රජාව පමණක් ඉතිරිව ඇති බව සදහන් කල යුතුමයි.

ඉන්දියාව මේ වනවිටත් තම පුරවැසියන් තම රටට ගෙන ගොස් ගුවන්තොටුපොලේ කරන පිසිආර් පරීක්ෂණ ප්‍රතිපල මත තම නිවසේ සිට නිරෝධායනය කිරීමට කටයුතු යොදා ඇතිබව වාර්තා වන අතර අනිකුත් රටවල්ද ඒ අයුරින්ම තම පුරවැසියන් තම රටට ගෙන්වා ගනී.

ලලිත් ප්‍රේමලාල්
සෞදි අරාබියේ සිට ලියයි

RECOMMEND POSTS