මරණ 02 යි: ආසාදිතයන් 41යි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ කොරෝනා මරණ දෙකක් සහ ආසාදිතයන් 41 දෙනෙක් අලුතින් හඳුනා ගෙන ඇත.

එමිරේටයේ තහවුරු වු සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 611 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ආසාදිතයන් දෙදෙනෙක්ගේ තත්ත්වය බරපතල බවත්, ඉතිරි ආසාදිතයන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත්, ආසාදිතයන් පස්දෙනෙක් මේවනවිට ජීවිතක්ෂයට පත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

කොරෝනා වෛරසය වැළඳී සිටි පුද්ගලයන් තිදෙනෙක් සුවය ලබා ඇති බවත්, ඉන්දියානු ජාතිකයන් දෙදෙනෙක් සහ පිලිපීන ජාතිකයෙක් අයත් වන බවසෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය ෆරීඩා අල්-හොසානි පැවසුවාය.

අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු සහ එක්සත් අරාබි එමීරේට්ස් රාජ්‍යයේ නියෝජ්‍ය හමුදා ප්‍රධානි, ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියාන් රට පුරා ජංගම කොරෝනා පරීක්ෂණ මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා උපදෙස් ලබා දුන් බවත්, ජංගම පරීක්ෂණ මධ්‍යස්ථාන හරහා කොරෝනා පරීක්ෂණ ප්‍රතිඵල මිනිත්තු පහකින් ලබාගත හැකි බව වෛද්‍ය අල්-හොසානි වැඩිදුරටත් පැවසුවාය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS