මධුසමයට පෙර අවසන් වෙයි



කුවේටයේ විවාහවලින් 12%ක් මධුසමයට පෙර අවසන් වන බව වාර්තා වේ.

විවාහ ජීවිතයේ සහ විවාහයට සූදානම් වීමේදි ඇති වන ගැටළු සම්බන්ධයෙන් කරන ලද පරියේෂණයකදී, කුවේටයේ සිදුවන විවාහවලින් 12%ක් මධුසමයට පෙර අවසන් වන බව සොයා ගැනීමට හැකි වු බව කුවේට් විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨාධිපති, ආචාර්ය හමූඩ්අල්-කෂාන් ප්‍රකාශ කළේ ය.

විවාහ ජිවිතය පිළිබඳ හොඳ අවබෝධයක් සහ සැළසුමක් නෙමැති වීම විවාහ ජීවිතය අසාර්ථක වීමට හේතු වී ඇති බවත් සමාජ ජාල වෙබ් අඩවි භාවිතයට ඇබ්බැහි වීම ප්‍රධාන තැනක් ගන්නා බව ආචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS