මත්ද්‍රව්‍ය රැගෙන යෑමට උත්සහ කල කාන්තාවක් කුවේට් ගුවන්තොටු පොලේදී අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය කිලෝ 1.5ක් රැගෙන යෑමට උත්සහ කල කාන්තාවක් කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටු පොලේදී අත්අඩංගුවට පත්ව ඇති බව අල්-කාබස් වාර්ථා කලේය.
මෙම කාන්තාව ගැන සැක සිතී ඇයව පරීක්ෂා කල අවස්ථාවේදි ඇය රැගෙන ආ ගමන්මල්ලේ ආහාර ද්‍රව්‍ය තුල සගවා තිබියදී මෙම මත්ද්‍රව්‍ය ප්‍රමාණය රේගු නිළධාරීන්ට හමුවී ඇත.
වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත යොමු කල බව රේගු නියෝජ්‍ය අධ්යක්ෂ, අද්නාන් අල්-කුඩාබි කියා සිටියේය.
රේගු නිළධාරීන් මත්ද්‍රව්‍ය මැඩලීම සදහා විශාල කාර්යභාරයක් අධිෂ්ඨානයෙන් යුත්තව සිදුකරන බව නියෝජ්‍ය අධ්යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේය.
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක