මංතීරු වැරදුනොත් දැඩි දඩුවම්



අපරික්ෂාකාරි අන්දමින් මංතීරු මාරු කරමින් මෝටර් රථ ධාවනය කරන රියදුරන්ට දැඩි දඩුවම් ලබාදීමට අබුඩාබි පොලීසිය පියවර ගෙන ඇත.

මංතීරු මාරු කිරිමේදි නිවැරදි මාර්ගසංඥා සහ නියමිත මංතීරු ඔස්සේ මෝටර් රථ ධාවනය නොකරන රියදුරන්ට එමිරේට්ස් ඩිරාම් හාරසීයක (400) දඩ මුදලක් නියම කිරීමට කටයුතු කරන බව අබුඩාබි පොලීසිය පැවසීය.

අබුඩාබි පොලිසීය පෙබරවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා මංතීරු මාරු කිරීම් 5,000ක් අධ්‍යයනය කර ඇති අතර 50% ආසන්න රියදුරන් සංඛ්‍යාවක් නිවැරදිව මංතීරු භාවිතා නොකරන බවට සොයා ගෙන ඇත.

රියදුරන් දැණූවත් කිරීමේ අරමුණින් මංතීරු නිවැරදිව මාරු කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් අබුඩාබි පොලීසිය අන්තර්ජාලයට එක්කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS