භූමි කම්පාවකින් තුර්කිය කැලඹේ



රික්ටර් පරිමාණයේ ඒකක 5.7 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් තුර්කිය කැලඹිණි.

භූමි කම්පාවෙන් දරුණු හානි සිදුවූයේ වෑන් පළාතටය. තුර්කි රජය කියා සිටියේ භූමි කම්පාවෙන් නව දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණු බවය. එම නව දෙනා අතර කුඩා දරුවන් වැඩි දෙනකු සිටින බව පැවැසෙයි.

භූමි කම්පාවෙන් තුවාල ලැබූ ගණන 37 කි. තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බව ද වාර්ත වේ. නිවාස සහ ගොඩනැගිලි රැසක් බිමට සමතලා වී ඇති බවත් ප්‍රදේශ රැසකට විදුලිය අහිමි වී ඇති බවත් තුර්කි පුවත් සේවා වාර්තා කර තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS