භූමි කම්පාවකින් තුර්කිය කැලඹේ



නැගෙනහිර තුර්කියේ පළාත් රැසක් ප්‍රබල භූමි කම්පාවකින් කැලඹිණ. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 6.8 ක් ලෙස සටහන් විය.

භූමි කම්පාවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසක් බිමට සමතලා විය. මියගිය ගණන 18 ක් යැයි තුර්කි පුවත් සේවා ඊයේ (24) වාර්තා කළේය.

භූමි කම්පාවෙන් තුවාල ලැබූ ගණන 1,000 කට ආසන්නය. සුන්බුන් අතරේ සිරවුණු තවත් 30 දෙනකු සිටින බවත්, ඔවුන් කඩිනමින් බේරා ගැනීමේ මෙහෙයුම් සිදුකරන බවත් වාර්තා වේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS