භූමිකම්පාව බොරුවක්



සෞදි අරාබියේ ජෙඩා නගරයේ සහ රතු මුහුද ආශ්‍රිත ප්‍රදේශයේ භූමිකම්පාවක් හටගෙන ඇති බවට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පළ කර ඇති ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව සෞදි භූමිකම්පා සහ ගිනිකඳු පිළිබඳ ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්, ආචාර්ය හානි සාරන් ප්‍රකාශ කළේය.

සමාජ ජාල වෙබ් අඩවිවල පළ කර ඇති ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අවධානය යොමු නොකරන ලෙසත් කිසියම් කරුණක් දැනගැනීමට ඇත්නම් භූමිකම්පා සහ ගිනිකඳු පිළිබඳ ජාතික මධ්‍යස්ථානයේ දුරකථන අංකවලට දුරකථන ඇමතුමක් ලබාගෙන අවශ්‍ය තොරතුරු ලබාගන්නා ලෙස අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS