භාවිත කරන්න අවසර



වට්ස්ඇප් (WhatsApp) සමාජ ජාල මෘදුකාංගය පැය 24ක කාලයක් භාවිතා කිරීමට සෞදි බලධාරීන් අවසර ලබා දීමට කටයුතු කර ඇත.

වට්ස් ඇප් මෘදුකාංගය හරහා කතා කිරීමට සහ වීඩියෝ දුරකථන ඇමතුන් ලබාගැනීමේ අවස්ථාව මාර්තු 12 දිනසෞදි ජාතිකයන්ට හිමි වී ඇත.  

ටික කාලයක් වට්ස්ඇප් මෘදුකාංගය භාවිතා කිරීමට හැකියාව තිබූ බවත් දැණුම්දීමකින් තොරව නැවතත් අන්තර්ජාල සේවා සපයන්නන් මෘදුකාංගය අවහිර කර ඇති බව ඉලෙක්ට්‍රෝනික්-අලෙවිකරණය පිළිබඳ විශේෂඥ, අබ්දුල්ලා අල්-සුබයිසිය ටිවිටර් සමාජ ජාල ගිණුමේ පළ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS