භාගයක් ගෙවා බර්ජ් කලීෆා නරඹන්න



එමිරේට්ස් වැසියන්ට මුදලෙන් අඩක් ගෙවා බර්ජ් කලීෆා ගොඩනැගින්න නැරඹීය හැකි බව ඩුබායි මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය නිවේදනය කර ඇත.

මීට පෙර ගොඩනැගිල්ල නරඹා නැති එමිරේට්ස් වැසියන්ට අදාල අවස්ථාව හිමිවන අතර සැප්තැම්බර් 15 දක්වා අවස්ථාව ලබා දෙන බව අධිකාරිය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

සාමාන්‍ය පරිදි ගොඩනැගිල්ල නැරඹීමට ඩිරාම් 141 මුදලක් අයකරන අතර ඩිරාම් 75ක මුදකලක් ගෙවා නැරඹිය හැකි බව දන්වා ඇත.

ඩුබායි සාප්පු සංකීර්ණයේ ඇති ආහාර අලෙවිසැල් 50කින් ආහාර ලබාගැනීමේදි 30% වට්ටමක් ලබාදීමටද කටයුතු කර ඇත.

ඩුබායි ඔපෙරාව සහ මින්මැදුර නැරඹීම සඳහා 50%ක මිල අඩු කිරීමක් ලබා දෙන බව නිවේදනයේ සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS