බූරුවෝ සීබ්‍රා කරලා



ඊජිප්තුවේ කයිරෝ අගනුවර සත්වෝද්‍යානයක සීබ්‍රාවන් සේ සුදු පැහැයෙන් වර්ණ ගන්වා, කළු ඉරිවලින් හැඩ කළ බූරුවන් ඇතැයි චෝදනා එල්ල වී ඇත.

මෙම සත්වෝද්‍යානයට අලුතින් සීබ්‍රාවන් ගෙනා බව පවසා ඇති නමුත් සීබ්‍රාවන් ලෙස නරඹන්නන්ට නරඹන්න ඇත්තේ වර්ණ ගැන්වූ බූරුවන් යැයි පැවැසෙයි.

බූරු සීබ්‍රාවන් දකින්න ලැබෙන්නේ කයිරෝ නුවර නගරසභාව විසින් පවත්වාගෙන යනු ලබන සත්වෝද්‍යානයේය.

සතුන් විකෘති කිරීම පමණක් නොව, සතුන් මෙලෙස හිරිහැරයට ලක් කිරීම සම්බන්ධයෙන්, කයිරෝ බලධාරීන්ට දොස් අහනන් සිදුවී ඇත. කෙසේ නමුත් තමන් සීබ්‍රාවන් මෙන්, බූරුවන් වර්ණ ගන්වා නැති බව සත්වෝද්‍යාන බලධාරීහු කියති.

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS