බිලියන 12.9 ක අයවැය අනුමතයි



ඕමාන් නායක, සුල්තාන් කාබූස් බින් සෙයිඩ් 2019 වර්ෂයේ අයවැයට අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.

ඕමාන් රියාල්බිලියන 12.9ක් 2019 අයවැය සඳහා වෙන් කර ඇති අතර සමාජ සුභ සාධනය වෙනුවෙන් වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කර ඇත.

මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීම, වියදම් අවම කිරීම සහ 3%කින් මුල්‍ය වර්ධනය ඇති කිරීම අයවැයේ ප්‍රධාන අරමුණු අතර වේ.

ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට බලපාන කරුණු කෙරෙහි ඕමාන රජයේ අවධානය යොමු වී ඇති අතර තිරසාර සංවර්ධනයක් ඇති කිරීම සඳහා 2019 අයවැය පිටිවහලක් වනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS