බිලියන ගණනක මුදල් නෝට්ටු අල්ලයි



ඇමරිකානු ඩොලර් මුදල්නෝට්ටු විශාල තොගයක් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන ඇත.

හිටපු ඉරාක අගමැති, නූරි අල්-මල්කිට අයත් පෞද්ගලික ගුවන් යානයක් ගුවන්තොටුපොල ආරක්ෂක අංශ නිලධාරීන් පරීක්ෂා කළ අවස්ථාවේදි ගුවන් යානය තුල තිබී මුදල් නෝට්ටු අඩංගු පෙට්ටියහමු වී ඇත.

හිටපු අගමැතිවරයා ඉරාක භාණ්ඩාගාරයෙන් මුදල් නෝට්ටු තොගය සොරකම් කර ඇති බවට ලෙබනන් මාධ්‍යවේදිනි, මාරියා මලූෆ් සිය ට්විටර් සමාජ ජාල ගිණුමේ පළ කර ඇත.

මුදල් තොගය පිටකිරීමට ඉරාක නිලධාරීන් තිදෙනෙක්ගුවන්තොටුපොලට පැමිණ සිටි බවත්, යුරෝපීය රටකට හොර රහසේ මුදල් තොගය රැගෙන යෑමට සූදානම් කර තිබු බවමාරියා මලූෆ් සිය ට්විටර් පණිවිඩයේ සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS