බින් ලාඩන්ගේ පුතාට ඊජිප්තුවෙන් තහනමක්



 

 

 (රොයිටර්)
අල් කයිඩා ත්‍රස්ත නායක ඔසාමා බින් ලාඩන්ගේ පුතකු වන ඕමාර් බින් ලාඩන් පසුගිය දා ඊජිප්තුවේ කයිරෝ අගනුවරට පැමිණීමට උත්සාහ කළ අවස්ථාවේදී, ඊජිප්තු බලධාරීන් පවසා ඇත්තේ රටට ඇතුළුවීමට අවසර දිය නොහැකි බවය.
ඊට හේතු වශයෙන් ඊජිප්තු බලධාරීන් පවසා ඇත්තේ රටින් පිටුවහල් කළ පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවේ ඕමාර්ගේ ද නම ඇති බවය. 34 හැවිරිදි ඕමාර්, බින් ලාඩන්ගේ සිවුවැනි වැඩිමහල් පුත්‍රයාය.
මොහු විවාහ වී සිටින්නේ බි්‍රතාන්‍ය ජාතික කාන්තාවක සමඟය. ඇය සයිනාය. ඕමාර් සහ බිරිය 2007 වසරේ සිට 2008 තෙක් කාලයේ පදිංචි වී සිටියේ කයිරෝ නුවරය. ඊජිප්තු බලධාරීන් ඕමාර් බින් ලාඩන්ට රටට ඇතුළුවීමට අවසර නොදී ඇත්තේ දෙදෙනා දෝහා සිට කයිරෝ බලා පැමිණීමට සූදානම් වෙද්දීය.

RECOMMEND POSTS