බැතිමතුන් 125,000ක් ආගමික වතාවත්වල



සෞදි අරාබිය ආගමික වතාවත්වලට අවසර ලබාදීමෙන් පසු බැතිමතුන් 125‍,000කට වැඩි ප්‍රමාණයක් උම්රා ආගමික වතාවත්වල නිරත වී ඇති බව වාර්තා වේ.

කොරෝනා වසංගතය ආරම්භ වීමෙන් පසු ආගමික වතාවත් නැවත ආරම්භ කිරීමේ පළමු අදියරයේදි පමණක් එම බැතිමතුන් සංඛ්‍යාව උම්රා ආගමික වතාවත්වල නිරත වී ඇත.

මේ දක්වා බැතිමතුන්ගෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා වී නොමැති බව හජ් සහ උම්රා අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. 

දෙවන අදියර සඳහා විශාල ඉල්ලුම්පත්‍ර ප්‍රමාණයක් ලැබී ඇති බව හජ් සහ උම්රා අමාත්‍යාංශයේ උප-ලේකම්, ආචාර්ය අම්ර් අල්-මද්ද පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් රියාද් නුවර)

RECOMMEND POSTS