බැග්ඩෑඩි වෙනුවට නව නායකයෙක්



ඇමෙරිකන් හමුදා කළ වැටළීමේදී අබු බකර් අල් බැග්ඩෑඩි මියයෑමෙන් පසු, අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයේ නව නායකයා වනු ඇත්තේ අබ්දුල්ලා කර්ෂේෂ් යැයි පැවැසෙයි.

මොහු ඉරාකයේ හිටපු නායක සදාම් හුසේන්ගේ හමුදාවේ ප්‍රබලයෙකි. බිහිසුණු පුද්ගලයකු ලෙස අයි.එස්. සංවිධානයේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ ප්‍රසාදයට පත් මොහු ‘මහාචාර්යවරයා’ සහ ‘විනාශ කරන්නා’ යන නම්වලින් ද හැඳින්වෙයි.

අබු බකර් අල් බැග්ඩෑඩිගෙන් පසු අබ්දුල්ලා කර්ෂේෂ් අයි.එස්. ත්‍රස්ත සංවිධානය බාර ගනු ඇතැයි, අයි.එස්ත ත්‍රස්ත සංවිධානයේ පුවත් ප්‍රසිද්ධ කරන අමාක් පුවත් ඒජන්සිය පවසා ඇත.

අබ්දුල්ලා කර්ෂේෂ් මේ වනතුරු අයි.එස්. සංවිධානයේ ආගමික කටයුතු ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටි ඇත. අයි.එස්. ජ්‍යෙෂ්ඨයන්ගේත් අයි.එස්. සාමාජිකයන්ගේත් ගෞරවයට පාත්‍ර වූ අයකු ලෙස අබ්දුල්ලා කර්ෂේෂ් සැලකෙයි.

(ඬේලිමේල්)


RECOMMEND POSTS