බැග්ඩෑඩි මියගිය බව දැන ගන්න ලැබුණා



අයි.එස්. නායක අබු බකර් අල් බැග්ඩෑඩි මියගිය පුවත සිරියාවේ ආරක්ෂක සහ බුද්ධි අංශ තමන්ට දැනුම් දුන් බවත්, ඇමෙරිකාව පවසන ආකාරයට අල් බැග්ඩෑඩි මියගොස් ඇති බවත් ඉරාකය සහ ඉරානය පවසයි.

ඉරාකය සහ ඉරානය මෙසේ පවසා ඇත්තේ වෙන් වෙන්ම නිකුත් කළ  ප්‍රකාශ හරහාය. අල් බැග්ඩෑඩි මියගොස් ඇත්තේ සිරියාවේ ඉඞ්ලිබ් පළාතේදීය.

අල් බැග්ඩෑඩි ඔහුගේ අයි.එස්. ත්‍රස්ත සංවිධානය මෙහෙයවමින් ඉස්ලාමික් රාජ්‍යය පිහිටුවීම ආරම්භ කළේ ඉරාකයේත් සිරියාවේත් ඔවුන් විසින් අල්ලා ගනු ලැබූ පළාත් එක් කරමිනි.

(රොයිටර්)


RECOMMEND POSTS