බැග්ඩෑඩිගේ සොහොයුරිය අල්ලා ගැනේ
මියගිය අයි.එස්. නායක අබු බකර් අල් බැග්ඩෑඩිගේ සෙහොයුරිය වන රස්මියා අවාද් (65) අල්ලා ගැනීමට සිරියාවේ සිටින තුර්කි හමුදා සමත් වී ඇතැයි ඇමෙරිකාව පවසයි.
තුර්කි හමුදා සිරියාවේ අසාස් නගරයේ කළ වැටලීමකදී රස්මියා අවාද් අල්ලා ගැනීමට හැකිවී ඇත. මෙම අසාස් නගරය මේ වනවිට ඇත්තේ තුර්කි හමුදා පාලනය යටතේය.
රස්මියා අවාද් අල්ලා ගන්නා අවස්ථාවේදී, ඇය සමඟ දරුවන් පස් දෙනකු සිටි බවද පැවැසෙයි. අල් බැග්ඩෑඩි සේම, අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධිනයේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන්, රස්මියා අවාද් තොරතුරු රැසක් දන්නා බව ද පැවැසෙයි.
(රොයිටර්ස්)