බාලවයස්කාර සැකකරුවන් 3,390



කුවේටයේ බාලවයස්කාර සැකකරුවන් 3,390ක් 2018 වර්ෂය තුල දී වාර්තා වී ඇති බවට කුවේට් අධිකරණ අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

224 දෙනෙක් අපරාධවලට සහ ඉතිරි ප්‍රමාණය සුළු වැරදිවලට සම්බන්ධ වී ඇති බවට අධිකරණ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

දැනට නඩු තීන්දු 1,180ක් ප්‍රකාශයට පත් කර ඇති බවත්, නීතිමය කටයුතු ඉදිරියට කරගෙන යෑම සඳහා නඩු 1,065ක් තිබෙන බවත්, පුනරුත්ථාපනය කිරීම සඳහා බාලවයස්කාරයන් 78 දෙනෙක් සිටින බවත්, 37 දෙනෙක් සමාජ ගත කිරීමට සිටින බව අධිකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS