බහරේන් විදෙස් ඇමැති තුර්කි යයි
කටාර් රාජ්‍යය සම්බන්ධයෙන් නිර්මාණය වුණු අර්බුදය ගැන සාකච්ඡා පැවැත්වීමට බහරේන් රාජ්‍යයේ විදේශ ඇමැති කලීඞ් බින් අහ්මද් අල් කලීෆා තුර්කියේ සංචාරයකට පැමිණියේය.
තුර්කිය කටාර් රාජ්‍යයට සහාය දක්වයි. එපමණක් නොව, කටාරයේ ඇති තුර්කි හමුදා කඳවුරට සෙබළුන් යැවීමට පවා තුර්කිය පියවර ගෙන තිබේ.
බහරේන් විදේශ ඇමැතිවරයා තුර්කි විදේශ ඇමැති මෙවුලුත් කව්සොග්ලූ සමඟත් තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෙගොන් සමඟත් සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
(ප්‍රෙස් ටීවී)