බහරේනය සමඟ හිතවත්කම්



බහරේනය සමඟ නිල වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කර ගැනීමට ඊශ්‍රායල රජය උත්සාහ ගනිමින් සිටින බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරයි.

අරාබි රටවල් සහ ඊශ්‍රායලය අතර මත ගැටුම් පවතී. බොහෝ අරාබි රටවල් ඊශ්‍රායලය පිළිගන්නේ ද නැත.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු පවසා ඇත්තේ පවතින ආකල්ප වෙනස්කිරීමට තමන් පිටවර ගන්නා බවත් සෞදිය සමඟ සේම, බහරේනය සමඟ ද සබඳතා පවත්වා ගැනීමට කටයුතු කරන බවය.

(අල් ජසීරා)


RECOMMEND POSTS