බටහිර ඉවුරේ තවත් නිවාස 6,000 ක්



බටහිර ඉවුරේ තවත් නිවාස 6,000 ක් ඉදි කිරීමට ඊශ්‍රායල රජය සූදානම් වෙයි.

බටහිර ඉවුර ප්‍රදේශය පලස්තීනුවන් පදිංචි ප්‍රදේශයයි. ඊශ්‍රායලට දිගින් දිගට හිතුමතේ මෙම ප්‍රදේශයේ නිවාස ඉදි කිරීම කළ නමුත්, මෙම නිවාස 6,000 ඉදිවනු ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙනි. ඒ අනුව, පලස්තීනුවන් වෙනුවෙන් ද නිවාස 700 ක් ඉදි කිරීමට යෝජිතය.

ඇමෙරිකා ජනාධිපති උපදේශක ජෙරාඞ් කුෂ්නර් ප්‍රමුඛ ඇමෙරිකන් නියෝජිතයන් ඊශ්‍රායල පලස්තීන අර්බුදය වෙනුවෙන් සකස් කළ නව සාම සැලැස්මේ කොටසක් ලෙස මෙම නිවාස ඉදිකිරීම සැලකෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS