ඵෙතිහාසික ගමනට සූදානම්



එමිරේට්ස් ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් පළමු අභ්‍යාවකාශ ගගනගාමියා අභ්‍යාවකාශ ගත වන බව වාර්තා වේ.

ගගනගාමියා සැප්තැම්බර් 25 දින ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයටබලා පිටත්ව යන බව වාර්තා වේ.

එමිරේට්ස් ගගනගාමි, හසා අල්-මන්සුරි අගෝස්තු 30 වන දින සිය අවසන් පුහුණු සැසිවාරටය සහභාගී වීමට නියමිතව ඇත.

අවසන් පුහුණු සැසිවාරයේදි, සමබරතාවය, සංවේදක, චලන පාලනය පිළිබඳව අවධානය යොමු කරන බව සඳහන් කර ඇත.

ආහාර පිළියෙල කිරීම,උපකරණ සූදානම් කිරීම හා භාවිතය,කිලෝග්‍රෑම් 10 ක් බර නිල ඇඳුම ඇඳගන්නා ආකාරය සහ අවධානම් අවස්ථාවන්වලදි ජීවිතය ආරක්ෂා කරගන්නා ආකරය පිළිබඳවද පුහුණුවක් ලබා දී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS