පොලිස් කාන්තා නිල සුනඛ අංශයක්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ කාන්තා පොලිස් නිල සුනඛ අංශයක් පිහිටුවා ඇති බව වාර්තා වේ.

ෂරීෆා අල්-අලී, ෆාතිමා ඒබ්‍රාහිම් සහ මහා සලීම් එමිරේට්ස් කාන්තා පොලිස් නිල සුනඛ අංශයේ සේවය කරන කාන්තාවන් තිදෙනා වන අතර ඩිජ්මාලා, ෆල්ක්ස් සහ බෙටි ඉහළ පුහුණුවක් ලැබු සුනඛයන් තිදෙනා වේ.

මත්ද්‍රව්‍ය සහ පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම, අතුරුදහන් වු පුද්ගලයන් සොයාගැනීම, අපාරධ පිළිබඳ සාක්ෂි සොයාගැනීම සහ පුද්ගලයන් මෙල්ල කිරීම සුනඛයන්ට ඇති ප්‍රධාන රාජකාරි අතර වේ.

උත්සව අවස්ථාවන් ආරම්භ වීමට පැය දෙකකට පෙර ප්‍රභූ පුද්ගලයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා තිදෙනෙකුගෙන් යුත් ඩුබායි කාන්තා පොලිස් නිල සුනඛ අංශයරාජකාරි සඳහා අනුයුක්ත කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පුද්ගලයන් අල්ලාගැනීමට සහ මුහුදේ සැකකටයුතු ධීවර බෝට්ටුවක් වැටලීමට සඳහාද කාන්තා පොලිස් නිල සුනඛ අංශය සහභාගි වෙයි.

K9 යනු පොලීසියට සහ අනෙකුත් නීතිය ක්‍රියාත්මක කරන්නන්ට සහාය වීම සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද සුනඛයන් පොදුවේ හඳුන්වනු ලබන නාමයයි. පුහුණු කළ සුනඛයන්ට වාචික ඉඟී සහ හස්ත සංඥා කීපයක් මතක තබාගැනීමට සිදු වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS