පුරවැසිභාවය දෙන්න සූදානම්



තම රට තුළ වාසය කරන විදේශිකන් සඳහා පුරවැසිභාවය ලබා දීමට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය තීරණය කර තිබේ.

කොරෝනා වසංගතය හේතුවෙන් රටේ ආර්ථිකය නගා සිටුවීමේ අරමුණ ඇතිව මෙම තීරණය ගත්තේ යැයි එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය වැඩිදුරටත් කියා සිටී.

ඒ අනුව, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ වෙසෙන විදෙස් ආයෝජකයන්, විද්‍යාඥයන්, වෛද්‍යවරුන්, ව්‍යාපාරිකයන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මෙම අවස්ථාව උදා වෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS