පුපුරුවන්න හදලා



කුවේටයේ ඊජිප්තු කොන්සියුලර් කාර්යාලය පුපුරවා හරින බවට තර්ජනය කළ කුවේට් ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

තමන්ට කොන්සියුලර් කාර්යාලයට ඇතුළුවීමට අවසර ලබා නොදෙන්නේ නම් පුපුරවා හරින බවට ආරක්ෂක අංශ නිලධාරීන්ට තර්ජනය කර ඇත.

වහාම ක්‍රියාත්මක වු ආරක්ෂක අංශ නිලධාරීන් කුවේට් ජාතිකයාව අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලීසියට භාර දී ඇත.

විසි දෙහැවිරිදි කුවේට් ජාතිකයාව අත්අඩංගුවට ගැනීමට යෑමේදි ආරක්ෂක අංශ නිලධාරීන්ට පිහියකින් ඇනීමට උත්සහ කර ඇති අතර ඔහු සතුව තිබි පුපුරණ ද්‍රව්‍ය කිසිවක් හමු වී නොමැත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS