පුටින් සෞදි එන්න සැරසෙයි



රුසියානු ජනාධිපති, ව්ලැඞ්මීර් පුටින් සෞදි අරාබියේ සංචාරය කිරීමට සූදානම් වන බව වාර්තාවේ.

රුසියානු ජනාධිපතිවරයාගේ සෞදි සංචාරය ඔක්තෝබර් මාසයේ සිදුවීමට බොහෝ දුරට ඉඩකඩ පවතින බව සෞදි බලශක්ති අමාත්‍ය, කලීඩ් අල්-ෆලිහ් ප්‍රකාශ කළේ ය.

නැගෙනහිර රුසියාවේ ව්‍යාපෘති කීපයක් ආරම්භ කිරීම සඳහා රුසියානු බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට සෞදි බලශක්ති අමාත්‍යවරයා රුසියාවේ මොස්කව් නුවරට ගොස් ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS