පීසීආර් පරීක්ෂණ අනිවාර්යයි



කුවේටයට පැමිණෙන සියළුම දෙනා PCR පරීක්ෂණ සහතිකය ඉදිරිපත් කළ යුතු බව වාර්තා වේ.

කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු කිරීම සඳහා සියළුම ගුවන් මඟීන් PCR පරීක්ෂණ සහතිකය ඉදිරිපත් කළ යුතු බව කුවේට් සන්නිවේදන මධ්‍යස්ථාන ප්‍රධානී, තාරික් අල්-මුස්රිම් ප්‍රකාශ කළේ ය.

ගුවන් තොටුපොල තුල දී අහඹු ලෙස PCR පරීක්ෂණ සිදුකළ යුතු බව සන්නවේදන මධ්‍යස්ථාන ප්‍රධානියා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

කුවේට් රජය තහනම් කර ඇති රටවලින් පැමිණෙන විදේශිකයන් දින 14ක කාලයක් නිවාස තුල ස්ව්‍යං-නිරෝධායනය විය යුතු බව සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS