පිවිසුම් පාලමෙන් 72,083ක් ඇවිත්



බහරේන් රාජ්‍යයේ සිට ෆහඩ් රජු පිවිසුම් පාලම හරහා එක් දිනක් තුල සංචාරකයන් 72,083ක් සෞදි අරාබියට පැමිණ ඇති බව වාර්තා වේ.

ෆහඩ් රජු පිවිසුම් පාලම 1986 වර්ෂයේදි විවෘත කිරීමෙන් පසු එක් දිනයක් තුල පැමිණි වැඩිම සංචාරකයන් ප්‍රමාණය 72,083 දක්වා ඉහළ යයි. 

සංචාරකයන් 69,629ක් 2019 ජනවාරි 05 දින සෞදියට පැමිණ ඇති අතර වැඩිම සංචාරකයන් ප්‍රමාණය ලෙස මීට පෙර වාර්තා වු බවෆහඩ් රජු පිවිසුම් පාලම් අධිකාරිය ප්‍රකාශ කළේ ය.

සංචාරකයන් 116,344ක් දිශාවන් දෙකටමමාර්තු 02 දිනපිවිසුම් පාළම හරහා ගමන් කර ඇති අතර එක් දිනක් තුල ගමන් කළ තුන්වැනි වැඩිම සංචාරකයන් ප්‍රමාණය වේ. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS