පිවිසුම් පාලමෙන් මිලියන 2.8 ගිහින්



සෞදි අරාබිය සහ බහරේන් රාජ්‍යය සම්බන්ධ වන ෆහඩ් රජු පිවිසුම් පාලම හරහා මඟීන් 2,821,640ක් ගමන් කර ඇති බව වාර්තා වේ. 

අදාල මඟීන් සංඛ්‍යාවජුලි මාසයේ පිවිසුම් පාලම හරහා ගමන් කර ඇති අතර කිලෝමීටර් 25 දිගින් යුත් පාලම 1986 විවෘත කිරීමෙන් පසු සෑම මාසයකම පාලම හරහා ගමන් කරන මඟීන්ගේ සංඛ්‍යාව ඉහල යන බව ෆහඩ් රජු පිවිසුම් පාලම් අධිකාරිය ප්‍රකාශ කළේ ය. 

2018 ජුලි මාසය සමඟ සංසන්දනය කිරීමේදි දෙපසටම ගමන් කළ මඟීන්ගේ සංඛ්‍යාව 4.2%කින් ඉහළ ගොස් ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS