පියයුරු පිළිකා රෝගීන් වැඩිවෙයි



කුවේටයේ පියයුරු පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

පියයුරු පිළිකා රෝගීන් පන්සිය පනස්හයක් වර්ෂයකට අලුතින් හඳුනා ගන්නා බව පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති, වෛද්‍ය කාලිඩ් අල්-සාලේ පැවසීය.

පියයුරු පිළිකා පරීක්ෂා කළ කාන්තාවන්ගෙන් 12% වයස අවුරුදු 40 අඩු බවත්, 1974-1984අතර කාලය තුල කාන්තාවන් ලක්ෂයකට පහළොස් දෙනෙක්ද, 2008-2012කාලය තුල කාන්තාවන් පනස් හය දෙනෙක් පියයුරු පිළිකා රෝගීන් බව සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

එම අනුපාතය හැත්තෑ පහ දක්වා ඉහළ යා හැකි බවට වෛද්‍ය කාලිඩ් අල්-සාලේ අනතුරු අඟවයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS