පැළ ලක්ෂයක් සිටුවයි



සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ නගර කීපයක පැළ ලක්ෂයක් (100,000) රෝපනය කිරීමේ වැඩසටහන යටතේ දම්මම්, අල්-කෝබා සහ ධහාරාන් යන නගරවල පැළ රෝපනය කිරීම ආරම්භ කර ඇත.

පැළ සිටුවීම සඳහා පිරිමින් සහ කාන්තාවන් 1,000ක අධික පිරිසක් ස්වේච්ඡාවෙන් සහභාගි වී ඇත.

දම්මම් නගරයේ පැල සිටුවන ආකාරය දැක්වෙන ඡායාරූප කීපයක් සමාජ ජාල වෙබ් අඩවිවල පළ කර ඇත.

පැළ රෝපනය කිරීමේ වැඩසටහන සතියක් පුරා ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(සෞදිගැසට්)


RECOMMEND POSTS