පැරණි ලේඛන 250ක් ආපසු දෙයි



ඉරාකයට අයත් පැරණි ලේඛන 250ක් ආපසු භාරදීමට සෞදි රජය කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඉරාක තානාපති, ආචාර්ය කහ්තාන් ටහා ඛලාෆ්ට අදාල ලේඛන භාරදීමට සෞදි ජාතික උරුමයන් පිළිබඳ නියෝජ්‍ය ප්‍රධානි, රොස්ටොම් බින් මැක්බුල් අල්-කුබෙයිසි කටයුතු කර ඇත.

රියාද් නුවර ජාතික කෞතුකාගාරයට අයත් අබ්දුලාසිස් රජු ඵෙතිහාසික මධ්‍යස්ථානයේදි ලේඛන භාරදීමේ කටයුතු සිදුකර ඇත.

අරාබි ජාතිකයෙක් නීති විරෝධී ආකාරයෙන් ලේඛන ලගතබාගෙන සිටියදී සොයාගෙන ඇති අතර ඒවායින් සමහරක් අන්තර්ජාලයේද පළ කර ඇත.

අරාබි ජාතිකයා සතුව තිබු ලේඛන රාජසන්තක කර නීතිමය කටයුතු කිරීමෙන් පසු සෞදි විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශය හරහා නැවත ඉරාකයට භාරදීමට අවශ්‍ය පියවර ගත් බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.බොහොමයක් ලේඛන ඉරාකය පාලනය කළ රාජකීය පවුල හා සම්බන්ධය ඒවා වේ.

1970 පැරිස් නුවරදී සම්මත කරගන්න ලද යුනෙස්කෝ සම්මුතියේ, නීති විරෝධී ආනයනය, අපනයනය සහ සංස්කෘතික දේපල හිමිකාරිත්වය පැවරීම වැළැක්වීම පිළිබඳ වගන්තිවලට අනුකූලව, ඉරාකයට අයත් දේපල භාර දුන් තුන්වන අවස්ථාව මෙය වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS