පැය 24 වැඩකරන්න පුළුවන්



ව්‍යාපාර හිමිකරුවන්ට පැය විසිහතරම ව්‍යාපාරික ස්ථානය පවත්වා ගෙන යෑමට ඉඩ ලබාදීමට සෞදි රජයේ අවධානය යොමු වී ඇත.

ව්‍යාපාරික ස්ථානය පැය විසිහතරම පවත්වා ගෙන යෑමට අවශ්‍ය ව්‍යාපාර හිමිකරුවන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය මඟීන් ඉදිරිපත් කර ඇති කොන්දේසිවලට අනුකූලව සම්පූර්ණ කරන ලද අයදුම්පතක් අමාත්‍යාංශයට භාර දිය යුතු වේ.

2020 ජනවාරි 01 දින සිට අදාල අවසරය ලබාදීමට සෞදි රජයේ කටයුතු කරන බව මහ නගරසභා හා ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS