පැය 10ක් විදුලිය නෑ



සෞදි අරාබියේ දකුණු දිග ප්‍රදේශයට පැය දහයකට ආසන්න කාලයක් විදුලි බලය ඇනහිට තිබු බව වාර්තා වේ.

කාර්මික දෝෂයක් හේතුවෙන් විදුලි බලය ඇනහිට ඇති ඇති අතර 75%ක ප්‍රදේශයකට මේවනවිට විදුලි බලය සැපයීමට සමත් වී ඇත.

විදුලි බලය ඇනහිටීමෙන් සිදු වු අපහසුතාවයට ජනතාවගෙන් සමාව අයැද සිටින බව සඳහන් කරමින් බලශක්ති, කර්මාන්තසහ ඛනිජ සම්පත් අමාත්‍ය සහ සෞදි ඇරම්කෝ සමාගමේ සභාපති, කලීඩ් ඒ. අල්-ෆලිහ් ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇත.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයකට පත් ව සිටි බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS